Home Tech කළු කුහරයක ප්‍රථම ඡායාරූපය අද නිකුත් කරයි

කළු කුහරයක ප්‍රථම ඡායාරූපය අද නිකුත් කරයි

1056

අද දිනයේදී අපට කළු කුහරයක ප්‍රථම ඡායාරූපය දැකගැනීමේ වාසනාව උදාවනු ඇත. අවුරුදු සිය දහස් ගණනක් සිය බුද්ධිය මෙහෙයවමින් විශ්වයේ රහස් සෙවූ අපට, මේ එක්තරා සුවිශේෂී සංධිස්ථානයක් වනු නියත ය.

https://www.space.com/event-horizon-telescope-black-hole-discovery-webcast.html?jwsource=cl

කළු කුහරයක ඡායාරූපයක් යනු කුමක්ද ? කළු කුහරයක් යනු ඉතා විශාල ස්කන්ධයක් ඇති, ඒ නිසා ම ආලෝකයට පවා ඉන් මිදීමට නොහැකි තරම් ගුරුත්වාකර්ෂණයක් සහිත වස්තුවකි. ආලෝකයටවත් මිදීමට නොහැකි නම් කළු කුහරයක ඡායාරූපයක් ලබාගන්නේ කෙසේ ද ? මේ බොහෝ දෙනාට ඇතිවන ගැටළුවක් විය හැක.

ඇත්තටම මේ ලබාගන්නේ කළු කුහරයේ ඡායාරූපයක් ම නොවේ, කළු කුහරයේ සිද්ධි ක්ෂිතිජයේ (Event horizon) හි ඡායාරූපය කි. එනම්, කළු කුහරයක අති දැවැන්ත ගුරුත්වාකර්ෂණ බලයෙන් මිදිය හැකි අවසාන ම කඩයිමෙ හි ඡායාරූපය කි.

මේ ඡායාරූපය ට නැගෙන්නේ Sagittarius A* නම් වූ, අප ක්ෂිරපථයේ මධ්‍යයේ වූ කළු කුහරයයි (සරළව). මෙයට පෘථිවියේ සිට ඇති දුර ආලෝක වර්ෂ 25000ක් පමණ වෙයි. ස්කන්ධ සන්සන්දනයක් කලහොත්, මෙය ස්කන්ධයෙන් අපගේ සූර්යයා මෙන් මිලියන හතරගුණයක (4000000) ස්කන්ධයට සමාන ය.

මේ ඡායාරූපය ලබාගැනීම අප කැමරාවකින් ඡායාරූපයක් ලබාගන්නවා මෙන් පහසු ක්‍රියාදාමයක් නොවේ. සුප්‍රසිද්ධ MIT ආයතනය පවසන පරිදි, සැතපුම් 8000ක දුර සිට බේස්බෝලයක ඇති මැහුම් ගණින්නාක් මෙන් වූ වැඩ කි, මේ. Event Horizon Telescope (EHT) ව්‍යාපෘතිය හරහා රේඩියෝ දුරේක්ෂ අටක් යොදාගෙන 2017 වසරේ අප්‍රේල් මාසයේ දින නවයක් තිස්සේ එක්රැස් කරගත් තොරතුරු, වසර දෙකක් පුරා සැකසීමෙන් අනතුරුව ය මේ ඡායාරූපය ගොඩනගන්නේ.

මේ ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රථිඵල මොනවාද ? ඒවා කාලය විසින් තීරණය කරනු ඇත. නමුත් අධිකතර ගුරුත්වයක් අවට ස්වභාවික නියමයන් හැසිරෙන ආකාරය ගැන අවබෝධයක් ලබාගැනීමට මෙය මහඟු අවස්ථාවකි. ⁣කළු කුහරයක් වැනි ඉහළ ගුරුත්වයක් සහිත ස්ථාන වල භෞතික හැසිරීම් විස්තර කිරීම සඳහා ගැලපෙන්නේ අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය බව තහවුරු කරගැනීමට (හෝ නොවීමට) මෙය හොඳ අවස්ථාවක් වනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here