Home World තරඟය අතරතුර ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකගේ කකුල් කැඩෙයි – PHOTOS

තරඟය අතරතුර ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකගේ කකුල් කැඩෙයි – PHOTOS

795

තරඟයක් අතරතුර දණහිස් දෙක කැඩී යාම නිසා විශ්වවිද්‍යාලයීය ජිම්නාස්ටික් ක්‍රීඩිකාවකගේ ක්‍රීඩා දිවිය අවසන් කිරීමට සිදු වූ පුවතක් අමෙරිකාවේ ඔබර්න් විශ්වවිද්‍යාලයෙන් වාර්තා වනවා.

22 හැවිරිදි සමන්තා සිරියෝ (Sam Cerio) තරඟයේ නිරතව සිටියදී පොළවට පතිත වීමකදී මෙම අනතුර සිදු වී ඇති බව සඳහන්.

ජිම්නාස්ටික් කණ්ඩායමේ ජ්‍යෙෂඨ ක්‍රීඩිකාවක් වන ඇය වේදනාවෙන් කෑ ගසමින් බිම දිගා වූ අයුරු නරඹන්නන් ද වේදනාවට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම දරුණු අනතුරින් පසු තමාට ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදුවිය හැකි බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ.

Image result for Sam Cerio
Related image
Related image

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here