Home Local වව්නියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ත් ඉක්මවයි

වව්නියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ත් ඉක්මවයි

340

අද (09) පෙ.ව. 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 38.5ක් ලෙස වව්නියාව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා.

ඒ අනුව අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.0 සුපුරුදු පරිදි නුවර එළියෙන් වාර්තා වී තිබෙනවා.

මේ අතර ඊයේ දිනයේදී උපරිම වර්ෂාපතනය මොණරාගලින් මිලිමීටර් 87.8ක් ලෙස වාර්තා වී ඇති 5අතර දහවල් කාලය තුළ ලංකාවේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 02 සිට 04 දක්වා වැඩිවී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here