Home Health මානසික ආතතියට හටගන්නා කොන්දේ වේදනාව

මානසික ආතතියට හටගන්නා කොන්දේ වේදනාව

687

වර්තමානයේ වයස්‌ සීමාවකින් තොරව බොහෝ දෙනා මුහුණපානු ලබන රෝග තත්ත්වයක්‌ වී ඇත්තේ කොන්දේ වේදනාවයි.

ඉන් 05%ක ප්‍රතිශතයක්‌ නිදන්ගත කොන්දේ වේදනාව පවතින රෝගියෙකු බවට පත්වනු ඇති.

ඇතැමුන්ට දිගුකාලීනව කොන්දේ වේදනාවක්‌ පවතින අතර එය මාස 03කට වඩා පවතී නම් සදාකාලිකව ආබාධිතයකු බවට පත්වනු ඇති.

කොන්දේ වේදනාව ඇති වන්නේ කෙසේද? යන්න කොන්දේ වේදනාව ජනනය වනුයේ ශරීරයේ කොටස්‌ එකකින් හෝ කිහිපයකින් විය හැකියි.

බොහෝ විට අප තුළ හට ගන්නා කොන්දේ වේදනාවට අපම වරදකරු වන අවස්‌ථා පවතින අතර ඒවා නම් උස්‌ අඩි පාවහන්, වැඩ බිමේදී සිදුවන අනතුරු, දුම්පානය, මානසික ආතතිය, බර ඉසිලීමේදී වැරදි ඉරියව්ව, බරැති බෑග් එසවීම, රිය අනතුරු, ක්‍රීඩා අනතුරු, වැරදි ඉරියව්වෙන් හිඳගැනීම, තරබාරුකම යනාදියයි.

ඔබගේ කොන්දේ වේදනාව සමඟ පහත සඳහන් රෝග ලක්‌ෂණ පවතී නම් වහාම වෛද්‍යවරයකු වෙත යොමුවී ප්‍රතිකාර ලබා ගත යුතුයි.

එම රෝග ලක්‌ෂණ නම්,

(1) වයස අවුරුදු 20 ට අඩු හෝ 55 ට වැඩි වීම.

(2) තද උණ ගතිය හා ඇඟට ඇතිවන දරුණු අපහසුතාව.

(3) මඳ උණ ගතිය බර අඩුවීම, රාත්‍රියේ දහඩිය දැමීම හෝ ක්‍ෂය රෝගය වැළඳී තිබීම (ස්‌පයිනල් ටියුබර්කියුලෝසීස්‌)

(4) කකුල්වල මාංශ පේශීන් දුර්වල වීම, පසුපස ඇතිවන හිරි ගතිය, මුත්‍රා, මළපහ ඉබේ පහවීම.

(5) කොඳු ඇට පෙළ ආශ්‍රිතව සිදුවූ අනතුරකින් පසුව ඇති වන වේදනාව.

(6) පෙර පැවැති පිළිකා රෝගී තත්ත්වයන්.

(7) දීර්ඝ කාලීනව පවතින ක්‍රමයෙන් වැඩිවන ඇඳ විවේකයෙන් සමනය නොවන වේදනාව හෝ රාත්‍රි වේදනාව.

(8) උරස්‌ කුහරය ආශ්‍රිතව ඇතිවන කොඳු ඇට පෙළෙහි වේදනාව.

(9) දීර්ඝ කාලීන ස්‌ටෙරොයිඩ් ඖෂධ භාවිතය.

(10) මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, ප්‍රතිශක්‌ති ඌණතාව, එච් අයි වී ආසාදනය

ඒමන්ති මාරඹේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here