Home Hit අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය – බස් වර්ජනයකට සැරසෙයි

අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය – බස් වර්ජනයකට සැරසෙයි

400

වැටුප් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (09) මාධ්‍යම රාත්‍රීයේ සිට සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.

දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේ සිය ගැටළුවලට අවස්ථා ගණනාවකදී විසඳුම් ලබාදීමට බලධාරීන් එකඟතාව පලකළ ද මෙතෙක් අදාළ එකඟතා ක්‍රියාත්මක වී නොමැති බවයි.

වර්ජනය හේතුවෙන් හෙට (10) දිනයේ දුම්රිය ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බවයි ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ද අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

එම සංගමයේ සංවිධායක යු.කේ.කුමාරරත්න සඳහන් කළේ රජය විසින් හඳුන්වා දී ඇති නව දඩ මුදල්වලට විරෝධය පල කරමින් මෙම වර්ජනය සිදුකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here