Home Hit සිය පියා ඝාතනය කලා යැයි ලසන්තගේ දියණියගෙන් ගෝඨාභයට නඩු!

සිය පියා ඝාතනය කලා යැයි ලසන්තගේ දියණියගෙන් ගෝඨාභයට නඩු!

898

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇමරිකානු අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එරට බලධාරීන් විසින් ඉරිදා (07) රාත්‍රී සිතාසියක් බාරදී ඇතැයි වාර්තාවේ. ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙම සිතාසිය බාරදී ඇත්තේ ඔහු කැලිෆෝනියාවේ පිහිටි Traders Joe’s American Grocery Store සුපිරි වෙළඳ සංකීර්ණයක් තුල සිටියදීය.

එරටින් ලැබෙන වාර්තාවල සඳහන් වන්නේ ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණියක වන අහිංසා වික්‍රමතුංග මෙනවිය විසින් ගොනුකර තිබු පෙත්සමක් අනුව එම සිතාසිය නිකුත්කර ඇති බවයි.

සිය පියා ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු බව එම පෙත්සමින් අවධාරණය කර තිබේ.

සිය සමීප මිතුරකු වන සංජිව ගුණසේකර මහතාගේ දියණියකගේ විවාහ මංගල්‍යට සහභාගිවීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා මේදිනවල ඇමරිකාවට ගොස් සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here