Home Local ෆේස්බුක් සාදයේදී 11ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයේදී 11ක් අත්අඩංගුවට

394

මුහුණු පොතෙන් සංවිධානය කරන ලදැයි කියන තංගල්ලේ සංචාරක නිකේතනයකදී පැවැති සාදයක් අතරතුරදී ගංජා ළඟ තබාගත් අයවලුන්, බලපත්‍ර නොමැතිව රජයේ මත්පැන්, බීර අලෙවි කළ අයවලුන් සහ සිගරට් අලෙවි කළ අයවලුන් 06 දෙනකුද සැකපිට කාන්තාවන් 05දෙනකුද ඇතුළු 11 දෙනකු පසුගිය (06) වනදා රාත්‍රී අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඩවත, තංගල්ල, හිඟුරක්ගොඩ, රාගම සහ පරකඩුව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 21ත් 40 ත් අතර වයසැති පුද්ගලයන් 06 දෙනකු සහ හිත්තැටිය, කඩුවෙල, මාතර, කිරිවඩුල්ල, කැකිරාව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 17ත් 26ත් අතර පසුවන තරුණියන් 05 දෙනෙකි.

විදෙස් රටක නිශ්පාදිත සිගරට් සන්තකයේ තබාගත් අයකුද, ගංජා සන්තකයේ තබාගත් තිදෙනෙකුද, බලපත්‍ර නොමැතිව විවිධ වර්ගයේ මත්පැන් සහ බීර අලෙවි කළ අයකුද බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන උපකරණ භාවිතා කළඅයකු සහ සැකපිට කාන්තාවන් 05 දෙනකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here