Home Local සංවර්ධන නිලධාරීන් අද ලෙඩ නිවාඩු දමයි

සංවර්ධන නිලධාරීන් අද ලෙඩ නිවාඩු දමයි

268
0

සංවර්ධන නිලධාරීන් සඳහා උසස්වීම් පටිපාටියක් සකස්කර ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා සංවර්ධන නිලධාරීහු 1,10,000ක් අද (08) ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

මෙම ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන පිරිස අද පෙරවරු 11.30ට නිදහස් චතුරශ්‍රය මාවතේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක නිරතවන බවයි සංවර්ධන නිලධාරී සංගමයේ සභාපති චන්දන සූරියආරච්චි සඳහන් කර සිටියේ.

සංවර්ධන නිලධාරීන් සඳහා රැස්වීම් ක්‍රමයක් ඇති කිරීම, වැටුප් විෂමතා ඉවත් කිරීම, සුදුසු රාජකාරී ක්‍රමවේදයක් සැකසීම, දෙවන භාෂා පාඨමාලා සඳහා කැබිනට් අනුමැතිය කඩිනමින් ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට විසඳුම් ඉල්ලා මෙම වර්ජනය සිදු කරන බවයි ඔහු සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here