Home Hit මාතර – බෙලිඅත්ත අභිනව දුම්රිය මාර්ගය අද ජනතා අයිතියට

මාතර – බෙලිඅත්ත අභිනව දුම්රිය මාර්ගය අද ජනතා අයිතියට

971

අභිනවයෙන් ඉදිකළ බෙලිඅත්ත දුම්රිය මාර්ගය අද (08) ජනතා අයිතියට පත් කිරීම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංතගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලබනවා.

‘දකුණු ලකට අලුත් මගක්’ යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ජාතික මහෝත්සවය අද පෙ.ව. 8.30ට මාතර දුම්රිය ස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

අද උදෑසන 9.00 ට මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ මංගල දුම්රිය ගමන ආරම්භ කෙරෙන අතර එම දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත ළඟාවීමෙන් පසුව එහි ජාතික මහෝත්සවය පෙරවරු 10.30 ට බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ එළිමහන් පරිශ්‍රයේ දී පැවැත්වෙනු ඇති.

අදින් ආරම්භ කරන දුම්රියන් බෙලිඅත්තට ළඟාවන කාලසටහන් සහ දුම්රියන් මෙසේයි.

8050 දරන දුම්රිය මරදානෙන් සවස 6.30ට ආරම්භවී බෙලිඅත්තට රාත්‍රී 11.17 ටත්,
8086 දරන රජරට රැජින වවුනියාවෙන් සවස 3.30ට ආරම්භ වී බෙලිඅත්තට 14.42ටත් (කොළඹ කොටුවට ළඟාවීම 10.30 ට) 8056 ගාලු කුමාරි දුම්රිය මරදානෙන් 14.15ට ආරම්භ වී බෙලිඅත්තට 18.25ටත්
8096 සාගරිකා දුම්රිය මරදානෙන් 16.40ට ආරම්භ වී බෙලිඅත්තට 20. 04 ටත්,
8766 දුම්රිය මරදානෙන් 17.50ට ආරම්භවී බෙලිඅත්තට 22.15ටත්
8094 දුම්රිය යපනයෙන් 08.20ට ආරම්භ වී බෙලිඅත්තට 19.49ටත්
ළඟාවීමට නියමිතයි.

චමින්ද සිල්වා / සමන් උපුල් පිනිදිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here