Home Hit මධූෂ් සමඟ සිටි තවත් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු කටුනායකට

මධූෂ් සමඟ සිටි තවත් පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනකු කටුනායකට

358

පාතාල කල්ලි නායක මාකදුරේ මදූෂ් විසින් සංවිධානය කරන ලද උපන් දින සාදයට සහභාගී වීමට එරටට ගොස් සිටි තවත් සාමාජිකයන් දෙදෙනකු එරටින් පිටුවහල් කර අද (08) දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

මොවුන් දෙදෙනා අද අලුයම 5.04ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ එවා තිබූ දෙදෙනා වන්නේ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසර් සහ මොහොමඩ් ජබීර් මොහොමඩ් මුෆා යන අයයි .

සැකකරුවන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසු ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික බුද්ධි තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here