Home Local ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ එච්.එම්.ජයවර්ධන ශූරීන් ජීවන ගමනට සමුදෙයි

ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ එච්.එම්.ජයවර්ධන ශූරීන් ජීවන ගමනට සමුදෙයි

561

ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ එච්. එම්. ජයවර්ධන මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු පසුගිය දින කිහිපයේ කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලැබුවා.

අසාධ්‍ය තත්වයේ පසු වූ ඒ මහතා අද පෙරවරුවේ රෝහලේදීම අභාවප්‍රාප්ත වී ඇති බවයි ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල් තහවුරු කර තිබෙනවා.

ප්‍රවීන සංගීත අධ්‍යක්ෂ එච්. එම්. ජයවර්ධන මහතා මීට සුළු වේලාවකට පෙර කලුබොවිල ආරෝග්‍යශාලාවේදී අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමු. අවසන් කටයුතු පසුව දැනුම් දෙමු.ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය

Posted by Keerthi Pasquel on Sunday, April 7, 2019

ප්‍රේමය නම්, පෙම් ලොවෙදී දුටු ඔහුමද මේ, සඳ තරු නිහඬයි, ඔබයි රම්‍ය සඳ කිරණ, කඩමංඩියේ දොළ අයිනේ, ලාදළු බෝපත්, මා එක්කලා අමනාපව වී දබර, මේ ජීවන ගංගාදාරයේ,පූජාසනයේ ඔබ හිඳුවා, ඇය යන්න ගියා මැකිලා, නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි, පිළිම නෙලා නැති විරුවන් පිරිසක් ඇතුළු ගීත රැසක තනු හිමිකරුවා ඔහුයි.

එච්. එම්. ජයවර්ධන ශූරීන් ගායන ශිල්පී කසුන් කල්හාරගේ පියාණන් මෙන්ම නැසීගිය ගායන ශිල්පිණි මාලනී බුලත්සිංහල මහත්මියගේ ස්වාමියා ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here