Home Hit දමිල ක්‍රියාකාරිකයෙකුගෙන් ගෝඨාභයට ඇමරිකාවේ තව නඩුවක්

දමිල ක්‍රියාකාරිකයෙකුගෙන් ගෝඨාභයට ඇමරිකාවේ තව නඩුවක්

427

තම සංවිධානයද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවර දිස්ත්‍රික් අධිකරණයේ සිවිල් නඩුවක් ගොනු කළ බව ජත්‍යන්තර සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය සඳහන් කරයි.

රෝයි සමධානම් නම් දමිල ක්‍රියාකාරිකයෙකු වෙන පුද්ගලයෙක් ගොනු කළ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කළ බව එම ව්‍යාපෘතිය සඳහන් කරයි.

එසේම පසුගිය ඉරිදා රාත්‍රියේ මේ සම්බන්ධයෙන් වන නොතීසිය හිටපු ආරක්ෂක ලේකම්වරයාට බාර දි ඇති බවත් එම සංවිධානය සඳහන් කරයි.

තම පෞද්ගලික කුලී විමර්ශකයන් හරහා හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමෙරිකාවේ කැලිෆෝනියා නුවරට නිවාඩුවක් ගත කිරීමට පැමිණි බව දැන ගැනිමෙන් පසුව මෙම නඩුව ගොනු කළ බවත් ඔවුන් සඳහන් කරයි.

මෙම රෝයි සමධානම් නම් ශ්‍රී ලාංකිකයා දැනට කැනඩා ජාතිකයෙක් ලෙස කටයුතු කර කරන අතර 2007 වසරේදී ඔහු ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් රඳවා තබාගෙන තිබේ. පසුව ඔහු 2010 වසරේ අගෝස්තු මාසයේදී නිදහස් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here