Home Local ගෝඨාගේ අමෙරිකානු පුරවැසිකම මේ මාසෙන් ඉවරයි

ගෝඨාගේ අමෙරිකානු පුරවැසිකම මේ මාසෙන් ඉවරයි

418

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අමෙරිකානු පුරවැසිභාවය මේ මාසයේ දී සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙනු ඇතැයි වාර්තාවනවා.

ඔහුගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා කළ යුතු කටයුතු වලින් 95% ක්ම මේ වනවිට අවසන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

තවදුරටත් කරන්නට ඇත්තේ ලිපියක් හුවමාරු කිරීම පමණක් යැයිද ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ කටයුතු සඳහා මේ දිනවල අමෙරිකාවට ගොස් සිට ලබන 12 වැනිදා යළි මෙරටට පැමිණීමට නියමිතයි.

ඔහු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබෙන හෙයින් ඊට පුහුණුව සූදානමින් අමරිකානු පුරවැසිභාවය මෙසේ ඉවත් කරගෙන බව දැනගන්නට ලැබී තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙරට පැමිණීමෙන් පසුව ලබන 20වනදා දෙහිවලදීත් 21 වනදා බණ්ඩාරගමදීත් ”එළිය” සංවිධානයේ සම්මන්ත්‍රණ 02කට සහභාගී වීමට නියමිතයි.

සුජිත් හේවාජුලිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here