Home Local උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සයන්දන්ගේ රථය අනතුරක

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී සයන්දන්ගේ රථය අනතුරක

378
0

උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී කේසවන් යන්දන් ගමන්ගත් මෝටර් රථය 06 වනදා රාත්‍රියේ යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේදී අනතුරකට ලක්ව ඇති බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ මන්ත්‍රීවරයා ගමන්ගත් මෝටර් රථය නවතා තිබියදී බස් රථයක් පැමිණ මෝටර් රථයේ ගැටී ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයා මෝටර් රථයෙන් බැසගොස් සිටි බැවින් මන්ත්‍රීවරයාට අනතුරින් හානියක් සිදුව නොමැති බවද‍ පොලිසිය පැවසුවා.

පොලිසිය පැවසුවේ අනතුරින් මන්ත්‍රීවරයාගේ මෝටර් රථයට දැඩි ලෙස හානි සිදුව ඇති අතර, අනතුර සිදුකළ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here