Home Hit 15 වනදා නිවාඩුව පෞද්ගලික අංශයටත් දෙන්නැයි ඉල්ලීමක්

15 වනදා නිවාඩුව පෞද්ගලික අංශයටත් දෙන්නැයි ඉල්ලීමක්

486

මෙවර සිංහල – හින්දු අලුත් අවුරුද්ද සති අන්තයට යෙදීම නිසා රජය විසින් සඳුදා (15) දාට ලබාදුන් අතිරේක නිවාඩුව රාජ්‍ය අංශයට පමණක් නොව පෞද්ගලික අංශයටද දෙන ලෙස කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර පෞද්ගලික අංශයෙන් ඉල්ලා සිටිනවා.

සිංහල – හින්දු අලුත් අවුරුද්ද මෙවර යෙදී ඇත්තේ සෙනසුරාදා හා ඉරිදා දිනයන්වලයි.

මේ හේතුවෙන් 15 වනදා රජයේ සේවකයන්ට අතිරේක නිවාඩු දිනයක් දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන්නා.

මෙම නිවාඩුව රාජ්‍ය අංශයට පමණක් නොව පෞද්ගලික අංශයටද ලබා දෙන ලෙසයි කම්කරු අමාත්‍ය රවීන්ද්‍ර සමරවීරගේ අත්සනින් යුත් ලිපියක් සියලුම පෞද්ගලික අංශ ප්‍රධානීන් වෙත යැවීමට ඉකුත් 05 වනදා සූදානම් කළ බව කම්කරු කාර්යාලය සඳහන් කළේ.

ශානිකා මාධවී පීරිස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here