Home Entertainment සිව්වන වරටත් ආචාර්ය පදවියෙන් පිදුම් ලද කිං ඛාන්ගේ ආදර්ශමත් ස්තූති කතාව

සිව්වන වරටත් ආචාර්ය පදවියෙන් පිදුම් ලද කිං ඛාන්ගේ ආදර්ශමත් ස්තූති කතාව

560

ලෝ ප්‍රකට භාරත නළු ෂාරුක් ඛාන් එහෙමත් නැතිනම් කිං ඛාන් පසුගිය 04 වනදා තවත් ජයග්‍රහණයක් ලැබුවා.

ඒ ඔහුගේ සිව්වන ආචාර්ය උපාධිය හිමිකරගැනීමයි.

මෙම ගෞරව ආචාර්ය උපාධිය ඔහුට ලබාදි තිබුනේ ලන්ඩනයේ නිතිය පිළිබඳ විශ්ව විද්‍යාලයෙන් ( University of Law in London).

2005 වසරේදී බෙඩ්ෆෝශෙයාර් විශ්ව විද්‍යාලයෙන්ද , 2015 වසරේදී එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන්ද හා 2016 වසරේදී ජාතික උර්දු විශ්ව විද්‍යාලයෙන්ද ආචාර්ය උපාධි ත්‍රිත්වයක් ලැබ තිබූ අතර පසුගියදා ලන්ඩනයේ නිතී විද්‍යාලය මගින් තවත් ආචාර්ය උපාධියක් ඔහුට පිරිනමනු ලැබූවා.

වසර ගණනක් තිස්සේ නළුවෙක් ලෙස ඔහු විසින් කල සේවය මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, රූපවාහිනී නිවේදකයෙක් ලෙස මෙන්ම ධානපතියෙක් ලෙස සිදුකල සේවාවන් ඇතුළුව “My Name Is Khan“ චිත්‍රපටයේ රංගනයේ යෙදෙමින් ඉන්දියානුවන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටීම හා පෝලියෝ මර්ධන හා එච්.අයි.වී මර්ධන ව්‍යාපාරවලට සෘජු දායකත්වයක් ලබාදීම වැනි කරුණු ගණනාවක් හේතුකොටගෙනයි ඔහුට මෙම ආචාර්ය උපාධිය පිරිනමා ඇත්තේ.

“ඔබට පුණ්‍ය කටයුතු කිරීමට අවශ්‍ය නම් එය නිශ්ශබ්දව හා ගෞරවයෙන් කරන්න. වාසිය හෝ ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන් කිසියම් වූ දෙයක් කිරීම එතරම් හොඳ දෙයත් නොවේ“ යනුවෙන් තම සිවුවන ආචාර්ය උපාධිය ලබමින් ශාරුක් ඛාන් තම ස්තූති කතාවේදී ප්‍රකාශ කරනු ලැබූවා.

හසිත හේරත්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here