Home World සමලිංගිකයින්ට මරණ දඬුවම ගෙනා බෲනායි රාජ්‍යට ලොව බලවත්ම සමාගම් වලින් පහරක්

සමලිංගිකයින්ට මරණ දඬුවම ගෙනා බෲනායි රාජ්‍යට ලොව බලවත්ම සමාගම් වලින් පහරක්

493

ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන රැසක් බෲනායි රාජ්‍ය විසින් සමලිංගිකයින්ට එරෙහිව මරණ දඬුවම පැනවීම සම්බන්ධයෙන් ගෙන එන ලද නව නීති වලට එරෙහිව එම රාජ්‍යට හා එහි පාලකවරයාට හිමි ව්‍යාපාරික ආයතන සමග ගනුදෙනු කිරීම නවතාලීමට තීරණය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ලන්ඩනයේ සුප්‍රසිද්ධ රූපවාහිනී සම්මාන උළෙල සංවිධායකයින් සහ ස්විට්සර්ලන්තයේ සංචාරක ඒජන්සියක් විසින් කියා සිටින්නේ බෲනායි හි පිහිටි සිය ව්‍යාපාරික කටයුතු අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

ට්විටර් නිවේදනයක් නිකුත් කරමින් TV Choice මැගසිනය විසින් කියා සිටින්නේ තම ආයතනය වාර්ෂිකව පවත්වනු ලබන රූපවාහිනී සම්මාන උළෙල මින් ඉදිරියට බෲනායි සුල්තන්වරයාට හිමි ලන්ඩනයේ පිහිටි ඩෝර්චෙස්ටර් හෝටලයේදී සිදු නොකිරීමට තීරණය කළ බවයි. මිට අමතරව ලන්ඩනයේ පිහිටි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත් ආයතනයද ඩෝර්චෙස්ටර් හෝටලය කිසිදු වැඩසටහනකට භාවිත නොකිරීමට පියවර ගෙන ඇත.

මිට අමතරව බෲනායි රාජයට හිමිකම් කියන කිසිදු හෝටල් සමග ගනුදෙනු කිරීම නවතාලීමට ඩොයිෂ් බැංකුව (Deutsche Bank) සහ ස්විට්සර්ලන්තයේ ප්‍රසිද්ධ සංචාරක සමාගමක් වන STA සමාගමද මේ වන විට තීරණය කර ඇත.

බෲනායි රාජ්‍ය විසින් පනවන ලද නව සමලිංගික නීති වලට එරෙහිව මේ වන විට ලොව ප්‍රසිද්ධ පුද්ගලයින් මේ වන විට දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කර ඇත. ඒ අතරින් අමෙරිකාවේ ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් වන එලන් ඩිජේනරස්, බ්‍රිතාන්‍යයේ සර් එල්ටන් ජෝන් ඇතුළු චරිත රැසක් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here