Home Local මැයි මස අවසන් වන තුරු තද වැසි නැහැ

මැයි මස අවසන් වන තුරු තද වැසි නැහැ

376

ලබන මැයි මාසය අවසන් වන තෙක් දිවයිනට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන්නේ නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණාරත්න ඊයේ (05) අනාවරණය කර සිටියා.

මේ වන විට අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් රට මැදට මිලි ලීටර් 10 ත් 15 ත් අතර සුළු වර්ෂාපතනයක් ලැබුණත් ලබන මැයි මාසය අවසන් වන විට ආරම්භ වන අන්තර් මෝසම් කාලය ආරම්භ වන තෙක් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබන්නේ නැතැයි ඔහු සඳහන් කර සිටියේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

මේ දිනවල සූර්යා මුදුන්ව ගමන් කරන නිසා ජලය තිබෙන ජලාශවල ජලය රත්වි වාෂ්පීකරණය වන බවත් එවැනි ජල වාෂ්පවීමක් සිදුවීමත් ජල වාෂ්ප වළාකුළු නිර්මාණය විමක් නොවිම නිසා ප‍්‍රමාණවත් වර්ෂාපතනයක් නොලැබෙන බවත් ඔහු සඳහන් කර සිටියා.

දැනට රට ආසන්නයට සුළු වර්ෂාපතනයක් ලැබෙමින් තිබියදී බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ අවපීඩන තත්ත්වයක් වර්ධනය වීමක් සිදුවුවහොත් ලැබෙන වර්ෂාපතනයේ වැඩිවීමක් ඇතිවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here