Home Travel මහජනතාවට විවර වූ මහපොළොවේ පාරාදීසය – PHOTOS

මහජනතාවට විවර වූ මහපොළොවේ පාරාදීසය – PHOTOS

1169

මහපොළොවේ පාරාදීසය මේ දිනවල මහජනතාවට විවෘත කර තිබෙනවා.

එය ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානයයි.

පසුගිය ඉරිදා සිට විවෘතව ඇති එය නැරඹීමට මේ වනවිටත් සංචාරකයන් බොහෝ පිරිසක් පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

උතුරු ඉන්දියාවේ ශ්‍රී නගර්හි පිහිටා තිබෙන ”ඉන්දිරා ගාන්ධි අනුස්මරණ ටියුලිප් උද්‍යානය” වන මෙහි හෙක්ටයාර් 15ක පමණ භූමි ප්‍රමාණයක මෙම ටියුලිප් මල් වගා කර තිබෙනවා.

ඒ අතර වර්ග 51කට අධික ටියුලිප් ලක්ෂ 12කට අධික ප්‍රමාණයක් ඇති බවයි වාර්තා වන්නේ.

වසරේ මේ කාලය තුළදී සාමාන්‍යයෙන් ශ්‍රී නගර්හි ටියුලිප් මල් සුලබව දක්නට ලැබෙන බවයි ඉන්දීය වාර්තාවල සඳහන් වන්නේ.

ටියුලිප් මල් සති 03ත් 04ත් අතර කාලයක් මිලින නොවී පැවතියත් තද වැසි හෝ අධික උණුසුමේ බලපෑමෙන් එම කාලසීමාව අඩුවිය හැකි බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.

Image result for Indira Gandhi Memorial Tulip garden
Image result for Indira Gandhi Memorial Tulip garden
Image result for Indira Gandhi Memorial Tulip garden
Image result for Indira Gandhi Memorial Tulip garden

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here