Home Hit දැඩි රැකවල් මැද මාකඳුරේ මධූෂ් ලංකාවට ?

දැඩි රැකවල් මැද මාකඳුරේ මධූෂ් ලංකාවට ?

731

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඩුබායි පොලීසියේ දැඩි රැකවරණය මැද ශ්‍රී ලංකාවට එවන බව ඩුබායි රජය විදේශ අමාත්‍ය තිලක් මාරපන හට දැනුම් දී තිබෙනවා.

මධූෂ් මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධරයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා එරටට ගිය විදේශ අමාත්‍ය තිලක් මාරපනට මේ බව දැන්වූයේ එරට විදේශ අමාත්‍ය අන්වර් බීන් මොහොමඩ් විසින්.

මධූෂ් ලංකාවට එවීමට පෙර ඒ ගැන ශ්‍රී ලංකා රජය දැනුවත් කරන බවත් දැඩි ආරක්ෂාව මධ්‍යයේ කොළඹට ගෙන එන බවත් ඩුබායි විදේශ අමාත්‍යවරයා දන්වා තිබෙනවා.

මේ සිද්ධියට අදාළව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඩුබායි ජනාධිපතිවරයා වෙත යවන ලද විශේෂ ලිපියක් ද අමාත්‍ය මාරපන එරට විදේශ අමාත්‍යවරයාට භාර දී තිබෙනවා.

කෙසේ වෙතත් මධූෂ් ශ්‍රී ලංකාවට නොඑවන ලෙස ඉල්ලා ඔහු විසින් පවරා ඇති අභියාචනාව මෙම මස 18 වනදා විභාග කිරීමෙන් අනතුරැව ඒ ගැන තීන්දුවක් ගැනීමට ඉඩ ඇතැයි ඩුබායි ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here