Home World ලොව විශාලතම දික්කසාද වන්දිය ගෙවීමට ඇමසෝන් හිමිකරු එකඟවෙයි

ලොව විශාලතම දික්කසාද වන්දිය ගෙවීමට ඇමසෝන් හිමිකරු එකඟවෙයි

563

ලෝකයේ මෙතෙක් වාර්තා වූ ඉහළම දික්කසාද වන්දිය තම බිරිඳට ගෙවීමට ලොව ධනවත්ම මිනිසා වන ඇමසෝන් ප්‍රධානී ජෙෆ් බෙසෝස් (jeff bezos) එකඟත්වය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම වාර්තාගත දික්කසාද වන්දියේ වටිනාකම ඇ.ඩො.බිලියන 35ක් වන අතර එය රු.මිලියන 6,160,000කි.

ස්ථාවර මිල ගණන් යටතේ 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රු.මිලියන 9,644,728ක් වන බැවින් මෙම මුදලේ වටිනාකම පිළිබඳ දළ අදහසක් ලබාගත හැකියි.

කෙසේ වෙතත්, ජෙෆ් බෙසෝස්ගේ තවත් වත්කම් ලෙස පවතින වොෂිංටන් පෝස්ට් පුවත්පත සහ බ්ලූ ඔරිජ්න් අභ්‍යවකාශ සංචාර සමාගම් පිළිබඳ අදහස් බිරිඳ මැක්කෙන්සි අත්හැර ඇති බවද වාර්තා වනවා.

මීට පෙර කලා නිර්මාණ අලෙවි නියෝජිතයෙකු වූ ඇලෙක් වයිල්ඩන්ස්ටයින් සිය බිරිඳ වූ ජෙස්ලීන් වෙත ඇ.ඩො.බිලියන 3.8ක වන්දියක් ගෙවා තිබුණු අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම දික්කසාද වන්දිය ලෙසයි සඳහන් වී තිබුණේ.

ජෙෆ් බෙසොස් මේ ආකාරයෙන් සිය බිරිඳගෙන් දික්කසාද වීමට හිටපු රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වූ ලෝරන් සන්චේස් සමග පවතින අනියම් සබඳතාව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තමන් මෙම වන්දිය ගෙවීමට එකඟත්වය පළ කළ බව බෙසොස් සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් තබමින් තහවුරු කර තිබෙනවා.

Image result for jeff bezos
Image result for jeff bezos
Image result for lauren sanchez

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here