Home Local පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි

පාසල් නිවාඩුව අදින් ඇරඹෙයි

421
0

2019 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල පළමු පාසල් වාරය අදින් (05) අවසන් වන වනවා.

ඒ අනුව දෙවන පාසල් වාරය අප්‍රේල් මස 22 වන සඳුදායින් ආරම්භ වන බවයි සඳහන් වන්නේ.

මුස්ලිම් පාසල් සඳහා පළමු පාසල් වාරය අප්‍රේල් මස 11 වන බ්‍රහස්පතින්දා අවසන් වන අතර, දෙවන පාසල් වාරය සඳහා ආරම්භ වන්නේ අප්‍රේල් මස 17වන බදාදායි.

මේ අතර ඩෙංගු මදුරුවන්ගෙන් තොර පාසල් පරිශ්‍රයක් පවත්වා ගෙන යාම සඳහා නව පාසල් වාරය අවසන් කිරීමට ප්‍රථම සහ දෙවන පාසල් වාරය ආරම්භ කිරීමට පෙර දීප ව්‍යාප්තව පාසල් පරිශ්‍රයන් පිරිසිදු කිරීමට පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සියලුම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here