Home Local ගංජා තොගයක් කටුනායක දී අත්අඩංගුවට

ගංජා තොගයක් කටුනායක දී අත්අඩංගුවට

690
0

ගංජා තොගයක් නීතිවිරෝධී ලෙස කටාර් රාජ්‍යය වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (04) දින දහවල් කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු පුත්තලම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි.

ඔහු ඊයේ දහවල් 11.25 ට කටාර් ගුවන් සේවයේ QR – 665 දරන ගුවන් යානයෙන් කටාර් රාජ්‍යයේ දෝහා බලා යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ මුරුක්කු අඩංගු පාර්සල් කීපයක් තුළ මෙම ගංජා තොගය අසුරා සගවා ගෙන තිබෙනවා.

ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් ගුවන් ගුවන් තොටුපළට පිවිසීමේ දී ගුවන් මගීන්ගේ ගමන් මලු සදහා සිදුකරන ස්කෑන් පරීක්ෂාවේදී මෙම ගංජා තොගය අනාවරණය වී ඇති අතර පසුව මෙම පුද්ගලයා ද සමග එම ගංජා තොගය රේගු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

එහි රුපියල් 5,87,000 ක් වටිනා ගංජා කිලෝ ග්රැම් 01යි ග්රැම් 789ක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියා.

මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපළ රේගු අධ්‍යක්ෂ එම්.ඒ.කරුණාරත්නගේ උපදෙස් සහ අධීක්ෂණය මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය , රේගු අධිකාරී සේනක ඇරැව්පොළ , නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන නුවන් අබේනායක සහ රසික සමන්ජිත් විසින් සිදු කරමින් සිටිනව.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here