Home Local කටුනායක ගුවන්තොටේ ජයටම කෙරෙන මත්පැන් ජාවාරම

කටුනායක ගුවන්තොටේ ජයටම කෙරෙන මත්පැන් ජාවාරම

794
0

උත්සව සමය ආරම්භ වීමත් සමග කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත් පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සරුවට ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවක පිරිස් පවසනවා.

මෙයට ගුවන් තොටුපළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන සේවකයින් මෙන්ම ගුවන් තොටුපළට අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ද සම්බන්ධ වී සිටින බවයි ඔවුන් පවසන්නේ.

නිදසුනක් ලෙස වැට් – 69 වර්ගයේ විස්කි බෝතලයක් තීරු බදු රහිත මිලට රුපියල් 3,100කට මිලදී ගන්නා මොවුන් පසුව එය ගුවන් තොටුපළ තුළදීම රුපියල් 4,200කට අලෙවි කරන බවද වාර්තා වනවා.

මොවුන් මෙම මත්පැන් බෝතල් විවිධ රථ වාහන යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ දුර බැහැර ප්‍රදේශ වල පවත්වා ගෙන යනු ලබන මත්පැන් අලෙවිසැල් වෙත තොග වශයෙන් අලෙවි කිරීමේ යෙදී සිටින බවයි ගුවන් තොටුපළ සේවකයින් වැඩිදුරටත් පවසන්නේ.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here