Home Local සිසුන් 1800කගේ ඉරණම ගැන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රශ්න කරයි

සිසුන් 1800කගේ ඉරණම ගැන මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රශ්න කරයි

394
0

කොළඹ රෝයල් ඉන්ටිටියුට්හි නුගේගොඩ ශාඛාව කඩා ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇතැයි වාර්තා වනවා.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පසුගිය දිනවල අධිකරණය ඉදිරිපත් කරන ලද පෙත්සම් 16ක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ඒ අනුව එහි නුගේගොඩ ශාඛාව කඩා දැමීමටයි නාගරික සංවර්ධන අධිකාරියට නියෝග කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් රෝයල් ඉන්ටිටියුට් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කර සිටියේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පරිදි සම්පුර්ණ ගොඩනැගිල්ලම කඩා ඉවත් කරන්නැයි දැනුම් දී නොමැති බවත් යෝජිත ගොඩනැගිලි 02ක් පමණක් ඉවත් කරන ලෙස දැනුම් දී ඇති බවත් ය.

එමෙන්ම ඔහු සඳහන් කරන්නේ මෙම තීන්දුව මෙතෙක් තමාට නිල වශයෙන් හිමිව නොමැති බවයි.

“මේ මොහොතේ මට ඔබට කිසිවක් කියන්න බැහැ. අධිකරණ නියෝගයේ නිල පිටපත අපට ලැබී නැති නිසා” යනුවෙන් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත්, නිව්ස්හබ් අප කළ විමසුමකට අනුව මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කියාසිටියේ පාසල් පරිශ්‍රය තුළ යෝජිත ගොඩනැඟිලි 02 කඩා දැමීමට නියෝග කර ඇති බවයි.

“චැපල් පටුමගේ තිබෙන නුගේගොඩ ශාඛාව ඉවත් කරන්නේ නැහැ. මා මාධ්‍ය වාර්තා වලට පුදුමයට පත්වෙනවා. මුළු ගොඩනැගිල්ලම උඩු යටිකුරු කර තියෙනවා. මෙහි සිසුන් 1800කට වඩා වැඩි පිරිසක් සිටිනවා. ගුරු මහත්ම මහත්මීන් 200ක් සහ සුළු කාර්ය මණ්ඩලයක් සිටිනවා, එහෙම වුණොත් මේ විදියට මේ පිරිසට මොකද වෙන්නේ? “යැයි සඳහන් කර සිටියා.

ට්විටර් හරහා බෙදාහරින ලද වාර්තාවේ විවිධ පිටපත් ඇති බැවින් කෙසේ වුවද, ඒවායේ සත්‍ය බව සහතික කිරීමට නොහැකිවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

සබැඳි පුවත් – Royal Institute කඩා දමයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here