Home Health ශල්‍යාගාරවල කොළ පැහැති ඇදුම්ම අදින්නේ ඇයි??

ශල්‍යාගාරවල කොළ පැහැති ඇදුම්ම අදින්නේ ඇයි??

724

ඉස්සර කාලේ ඒ කියන්නේ විසි වැනි සියවසට පෙර කාලේ රෝහල් වල ඇදුම් ඇතිරිලි හා තිර රෙදි වලට භාවිතා කරලා තියෙන්නේ සුදු පැහැති රෙදි. මොකද ඒ සුදු පාට පාරිශුද්ධභාවයේ සන්කේතයක් නිසා. ඒත් පස්සේ කාලේ රෝහල් සදහා භාවිතා කරන පාට, සුදු පාටෙන් කොළ පාටට මාරු වුණා.
ඒකට ප්‍රධාන වශයෙන් හේතු 2ක් තියනවා.

1. රතු පැහැය සහ කොළ පැහැය ප්‍රතිවිරුද්ධ වර්ණ වීම.
ඒ නිසා රතට හුරු කොළ පැහැය හෝ කොළ පැහැයට හුරු රතු පැහැය ආදී වර්ණ කිසි විටෙකත් පවතින්නේ නෑ. ඒ නිසා ශල්‍යකර්මයක් අතරතුර කොළ පැහැ පසු බිමේදි බොහොම පැහැදිලිව රතු පැහැ රුධිරය දර්ශනය වෙනවා. අපේ ඇසේ වර්ණ දෘෂ්ටියට හේතුව ඒවායේ දෘෂ්ටි විතානයේ පිහිටන කේතු සෛල කියන සෛල වර්ගය. ඉතින් ශල්‍යකර්මයක් අතරතුර රතු පැහැ රුධිරය හෝ රතු පැහැ රුධිරයෙන් නැහැවුණු අවයව දෙස දිගින් දිගටම බලා ඉදීමෙන් ඇස් වල මේ කේතු සෛලවල සන්වේදිතාවය අඩු වෙනවා . ඉතින් කොළ පැහැගත් වස්ත්‍ර හෝ රෙදි දෙස බැලීමෙන් පසු මෙම තත්වය අඩු වෙනවා.

2. අනෙක් කරුණ තමයි එක දිගට රතු පැහැය දෙස බලා සිටීමෙන් පසු සුදු පැහැයෙන් යුතු වස්තූන් හෝ රෙදි දෙස දෙස බැලුවොත් ටික වෙලාවක් යනකන් ඒ මත කොළ පැහැ ලපයක් වැනු යමක් අපට දර්ශනය වෙනවා. එය ඇත්තෙන්ම මිරිගුවක්. එහෙත් කොළ පැහැ වස්ත්‍ර හෝ රෙදි භාවිතයෙන් එම තත්වය සමනය වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here