Home Local මැයි මස සිට වරාය නගරයට නව නීති

මැයි මස සිට වරාය නගරයට නව නීති

459

ආණ්ඩුව මේ වසරේ මැයි මස අවසන් වීමට පෙර වරාය නගරය සහිත ප්‍රදේශයට හෝ ජාත්‍යන්තර වෙළඳ නගරයකට අවශ්‍ය ආකාරයේ නව නීති හඳුන්වා දෙන බව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා සඳහන් කර සිටිනවා.

කැබිනට් නොවන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය හර්ෂද සිල්වාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ සොයාබැලීම සඳහා කමිටුවක්ද පත්කර ඇති අතර ඇමතිවරයා පවසන පරිදි මේ යටතේ බැංකු සහ වාණිජ කටයුතු වලට අදාළව මෙම නව නීති හඳුන්වා දෙනු ඇති.

මේ යටතේ වරාය නගරයේ සිදුකරන ආයෝජන සඳහා නව දිරිගැන්වීම් සහ සහන ලබාදීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මීට පෙර ආණ්ඩුව පැවසුවේ වරාය නගරය කොළඹ නගරයේ කොටසක් ලෙස ගැසට් කිරීමට බලාපොරොත්තු වන බවයි.

කෙසේවෙතත් ආණ්ඩුව මේ සැරසෙන්නේ දැනට පවතින කම්කරු, වෙළඳ, නාවික නීති ලිහිල් කරමින් ආයෝජකයන්ට සහන සැලසීමට බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here