හෙරොයින් සම්බන්ධයෙන් රන්ජන් රාමනායකගේ ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යන ලෙස තමන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම කියා සිටිනවා.
අද (04) පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර සිටියා.
එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ” මම රන්ජන් රාමනායක මහතාට ආරාධනා කරනවා කුඩු ගැන හොයන එක දිගටම කරගෙන යන්න. අවසානයක් දකීවි” යනුවෙන් කියා සිටියා.