Home Local බස් ගාස්තු ඉහළට ?

බස් ගාස්තු ඉහළට ?

422

ආණ්ඩුව හිතුවක්කාරී ලෙස සංශෝධනය කළ දඩවලින් වර්ග දෙකක් හැර අනෙකුත් දඩ මුදල් වහාම සංශෝධනය කළ යුතු බව බස් සංගම් සඳහන් කරයි.

ඒ අනුව බීමත්ව රිය ධාවනය කරන රියදුරන්ට හා රිය බලපත්‍රයක් නොමැතිව වාහන ධාවනය කරන පිරිසට එරෙහිව සංශෝධනය කළ දඩ මුදල එලෙසම පැවැතිය යුතු බවද එම සංගම් නියෝජිතයෝ ඊයේ (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පවසා සිටියහ.

මීට අමතරව ඉන්ධන ගාස්තු සං‘ශෝධනය යටතේ මේ මස 10 වැනිදා රුපියල් හතරකින් ඩීසල් මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් 11 වැනිදා සිට 04%කින් බස් ගාස්තුව ඉහළ දමන බවද සමස්ත ලංකා බස් සමාගම් සම්මේලනය ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here