Home Politics SLFP මැයි රැලියට මහින්දත්

SLFP මැයි රැලියට මහින්දත්

481
0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින සැමරුමට ආරාධනා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැයි දින කමිටුවේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයන්ටද ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින සියලුම සාමාජිකයන්ටද ආරාධනා කරන බවත්, මැයි දින සැමරුම ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී පවත්වන බවත් ඊයේ (02දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු පැවසිය
පක්‍ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මැයි දින සැමරුමට සමස්ත ලංකාවම නියෝජනය කරමින් සාමාජිකයන් සහභාගි කර ගන්නා බවද ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here