Home Local කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු සටන අත්හරින් නෑ-බදියුදීන්

කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු සටන අත්හරින් නෑ-බදියුදීන්

764

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කළත් විල්පත්තු බොරුවට විරුද්ධව ඔවුන්ගේ සටන ගෙන යන බව පවසයි.

ඔහු මෙසේ අදහස් දැක්වුයේ කල්මුනේ නගරයේ පැවති උත්සවයදී ය.

24නි වරටත් කල්මුනේ නගරයේ පැවති සංවිධානය කර තිබූ නැගෙනහිර පළාත් ජනමාධ්‍යෙව්දී සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවෙමින් අමාත්‍ය වරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මේ බව පැවසීය.

“වසර ගණනාවක් තිස්සේ යුද්ධයෙන් බැටකෑව මේ නැගෙනහිර පළාතේ මිනිස්සු ත්‍රස්ථවාදීන් විසින් ඔවුන්ගේ උපන් භූමිවලින් එළෙව්වා.

ඔවුන් අනාථ කදවුරුවල ගොඩාක් දුක් වින්දා. එහෙම දුක් වින්ද ජනතාව නැවත ඔවුන්ගේ නිජභූමිවලට ගිහින් පදිංචිවෙන එක දකුනේ ඇතැම් භික්ෂූන්වහන්සේලා හා ඊනියා සංවිධාන දකින්නෙ වැරදි විදියට.

ඔවුන් මේ ප්‍රශ්නයේදී මුලු රටක්ම ගිනිතියන්න හදන්නේ.එදා මේ ජනතාව හමුදාවට විරුද්ද වෙලා ත්‍රස්තවාදීන්ගේ පැත්ත ගත්තනම් මේ රට අද මේ තරම් සාමකාමී නොවෙන්න තිබ්බා.

අද මේ විල්පත්තුව ප්‍රශ්නයක් බොරුවට අල්ලගෙන ජාතිවාදය අවුස්සන්න හදන පිරිසගෙන් මම අහන්නනේ මේ රටේ ජනතාව සාමකාමීව ඉන්නවා දකින්න අකමැති ඇයි කියලා.

දැන් විල්පත්තුව සුරකින්න කියලා මටයි මගේ ජනතාවටයි විරුද්ධව ලක්ෂ දහයක අත්සන් ගන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරල තියෙනවා.

විල්පත්තුව හොඳට තියෙනවා ඒක සුරකින එක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා අදාළ ආයතන විසින් සිදු කරනවා.ඒකට මේ වගේ ජාතිවාදී වැඩ අවශ්‍ය නැහැ.

මම කියන්න කැමතියි ලක්ෂ දහයක් නෙවෙයි කෝටි දෙකක් අත්සන් කලත් විල්පත්තු බොරුවට විරුද්ධව අපේ සටන ගෙනියනවා.

අද මෙතන ඉන්න මාධ්‍ය සගයන්ගෙන් මම ඉල්ලනවා ඔයාලා විල්පත්තුවට යන්න එහේ ජනතාව මුණ ගැසෙන්න, කථා බහ කරන්න, එතකොට ඔයාලටම තේරුම් ගන්න පුලුවන් මේ ජාතිවාදී කල්ලි විලාප දෙන්නෙ බොරුවට කියලා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here