රුසියාවේ දෙවන විශාලතම ගුවන් සමාගමේ සම හිමිකරු වන නටාලියා ෆිලේවා (Natalia Fileva) ගුවන් යානා අනතුරකින් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
රුසියාවේ ධනවත් කාන්තාවන් අතරින් එක් අයෙකු වන ඇය සයිබේරියා ගුවන් සමාගමේ සම හිමිකාරිනියකි.
ඇය ගමන් ගත් පෞද්ගලික ගුවන් යානය ජර්මනියේ ෆ්රැන්ක්ෆර්ට් ගුවන් තොටුපොළේදී අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරෙන් යානයේ ගමන් කළ තවත් අයෙකු සහ ගුවන් නියමුවා ද මියගොස් ඇතැයි සඳහන්.
අනතුරට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැති අතර ෆිලේවා මිය යන විට 55වැනි වියෙහි පසු විය.
ෆෝබ්ස් සඟරාවට අනුව ඩොලර් දශ ලක්ෂ 600ක් ඇයගේ වත්කම් ලෙස සඳහන් වනවා.