Home Hit ”බක්මහ දිවුරුම” හෙටයි – සියලු ලාංකිකයන්ට ජනපතිගෙන් ඇරයුම්

”බක්මහ දිවුරුම” හෙටයි – සියලු ලාංකිකයන්ට ජනපතිගෙන් ඇරයුම්

454
0

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අප්‍රේල් 03 වනදා පෙ.ව 8.15ට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ දී පැවැත්වීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට නිදහස් කර ගනිමින් සෞභාග්‍යමත් ශ‍්‍රී ලංකාවක් ගොඩනැගීමේ ජාතික කර්තව්‍ය තවදුරටත් සාර්ථක කර ගැනීමේ අරමුණින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරෙනු ඇති.

ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක මෙම වැඩසටහනට බේදයකින් තොරව සියලු ශ‍්‍රී ලාංකික ජනතාවට ආරාධනා කෙරෙනවා.

සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් පැවැත්වෙන බක්මහ දිවුරුම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්තී‍්‍රවරු, පළාත් ආණ්ඩුකාරවරුන්, ප‍්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද එක්වීමට නියමිතයි.

මෙම අවස්ථාව විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සජීවිව විකාශය කෙරෙන අතර ඒ හා සමගාමීව රාජ්‍ය සහ පෞද්ගලික අංශ පොදු මහජනතාව ද බක්මහ දිවුරුමට එක්කර ගැනීමට නියමිතව තිබෙනවා.

අපේ‍්‍රල් 03 වනදා පෙ.ව 8.30 සිට 8.34 දක්වා රාජ්‍ය සේවකයන් සහ පොදු මහජනතාව බක්මහ දිවුරුමට එක් කර ගැනීමට කටයුතු සලසා තිබෙන අතර පෙ.ව 8.30 සිට 8.32 දක්වා සිංහල බසින් ද 8.32 සිට 8.34 දක්වා දමිළ බසින් ද එම දිවුරුම ලබාදීම සිදු කෙරෙනු ඇති.

දීප ව්‍යාප්තව පාසල් දරුවන් ද සිය පාසල්වල සිට බක්මහ දිවුරුම සමඟ එක්වීමට නියමිත අතර ඒ අනුව පෙ.ව 8.34 සිට 8.36 දක්වා සිංහල බසින් ද පෙ.ව 8.36 සිට 8.38 දක්වා දෙමළ බසින් ද පාසල් සිසුන් වෙනුවෙන් බක්මහ දිවුරුම ඉදිරිපත් කරනු ලබයි.

නිමල කොඩිතුවක්කු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here