Home Local නීතිවිරෝධීව ඉන්දියාවට යාමට තැත් කළ නයිජීරියානුවන් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට

නීතිවිරෝධීව ඉන්දියාවට යාමට තැත් කළ නයිජීරියානුවන් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට

399

නීති විරෝධි අයුරින් මෙරට සිට ඉන්දියාව දක්වා බෝට්ටුවකින් ගමන් කරමින් සිටි නයිජීරියානු ජාතිකයින් සිව් දෙනෙකු ඊයේ (01) තලෙයිමන්නාරම සාගර කලාපයේදී නාවික හමුදා නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ තලෙයිමන්නාරම ධීවරයින් දෙදෙනෙකු විසින් බෝට්ටුවක් මඟන් අදාළ නයිජීරියානු ජාතිකයින් ඉන්දියාව දක්වා ගෙන යමින් සිටියදී අදාළ පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයින් විවිධ ජාවාරම් වෙනුවෙන් මෙරට සිට ඉන්දියාව වෙත යමින් සිට ඇති බවට අනාවරණය වී ඇති බවද පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ තලෙයිමන්නාරම සාගර කලාපය හරහා විවිධ ආකාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවන බැවින් අදාළ පිරිස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකිරීමට සම්බන්ධදැයි සොයා පරීක්ෂණ පවත්වන බවයි.

අත්අඩංගුවට ගත් නයිජීරියානු ජාතිකයින් හා මෙරට ධීවරයින් අද (02) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉඳිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය සඳහන් කර සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් තලෙයිමන්නාරම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here