Home World ජපානයේ අධිරාජ්‍යයන්ගේ මාරුවත් සමග ජපානයේ කැලැන්ඩරය වෙනස්වෙයි

ජපානයේ අධිරාජ්‍යයන්ගේ මාරුවත් සමග ජපානයේ කැලැන්ඩරය වෙනස්වෙයි

789

2019 අප්‍රෙල් 1වෙනිදින අද ජපානයට විශේෂ දවසක්. ඒ තමයි ලබන මස පලවෙනිදා සිට පත්වීමට නියමිත අධිරාජ්‍යයාගේ පාලන සමයට යෙදෙන නම අද දින ප්‍රකාශයට පත්වීමයි.
ඒ නම තමයි 令和(れいわ) රෙයිව. නම සිංහලෙන් කියනකොටනම් යම් අපහසුතාවක් දැනෙන එකනම් අපේ පැත්තෙන් සාධාරණයි නේද😄. නමුත් ජපන් බසෙන් මෙවැනි වචනයක් නොමැතිවුවත් එහි අකුරු වෙන වෙනම සලකා බැලුවම හොද තේරුමක් තිබෙනවා. පැරනි කාව්‍යයක යෙදිල තිබුන වචනයක් තමයි ඔවුන් මෙයට තෝරාගෙන තිබෙන්නෙ. 礼 අකුරෙන් සුභ(හොද) කියන අර්තයත් 和 අකුරෙන් සාමය එකමුතුකම අර්තවත් වෙනවා. තවද ජපන් කියන අර්තය ගෙන ඒමෙදිත් මේ 和(ව) අක්ශරය යෙදෙනවා.

Image may contain: 1 person, standing

මෙච්චර කාලයකට අධිරාජ්‍යයෙක් පත්වූයෙ ඉන්න කෙනා මරණයට පත්වුනොත් පමනයි. ඉතින් වැඩිය ලෑස්තිවෙන්න කාලයක් ලැබෙන්නෙ නෑ. නමුත් මෙවර පළවෙනි වතාවට වර්තමාන අධිරාජ්‍යයා ජීවත්ව සිටියදීම ඔටුන්න හිමි ඔහුගේ පුතුට වගකීම පැවරෙනවා. මේ හේතුවෙන් මාස කිහිපයක සිටම මේ වෙනස්වීමට ලෑස්තිවෙන්න කාලය ලැබී තිබෙනවා.

මේ වනවිට අධිරාජ්‍යයා වශයෙන් කටයුතු කරන්නෙ අකිහිතො අධිරාජ්‍යයා(85). ඔහුගේ කාල වකවානුව 平成(හෙයිසෙයි) කියලා තමයි නම් වුනේ. ජපානය ගැන දනුමක් තිබෙන අය දන්නවා ඇති ජපානෙයේ වර්ෂ ගනන් කරන ක්‍රම දෙකක් තිබෙනවා. එකක් සෙයිරෙකි(西暦) ඒකියන්නෙ බටහිර ක්‍රමය. ඒ ක්‍රමයට මේ අවුරුද්ද 2019. අනික් ක්‍රමය වරෙකි(和暦) ජපන් අවුරුදු ක්‍රමය. අන්න ඒ ගනන් කිරීමේදී තමයි මේ අධිරාජ්‍ය කාලයේ නම යෙදෙන්නෙ. ඒ ක්‍රමයට අනුව මේ අවුරුද්ද හෙයිසෙයි31(平成31年) ඒ කියන්නෙ දැනට ඉන්න අධිරාජ්‍යයා පත්වී 31වෙනි අවුරුද්ද. මේ අවුරුද්දට එතකොට ජපන් ක්‍රමේට නම් දෙකක් එනවා. එකක් හෙයිසෙයි31, අනික රෙයිව ගන්නෙන්/ඉචිනෙන්(令和元年). 平成වලට කලින් තිබුනෙ 昭和(ශෝවා) දැනට වයස 31ට වඩා වැඩි අයගේ උපන්දින එන්නෙ ශෝවා වලින්. ඊටත් කලින් 大正(තයිශෝ) දැනට වයස 95 ට වැඩි අය ඒ කාලේ🙂.

අවුරුදු 31ට මෙහා ජපානෙ ආපු අයටනම් මමත් ඇතුලුව මේ පලවෙනි වතාවටයි මෙවැනි අත්දැකීමක් ලැබෙන්නෙ.
ඉතින් ලබන මැයි පලවෙනිදා සිට අලුතෙන් පත්වන 58 හැවිරිදි නරුහිතො අධිරාජ්‍යයාගේ පත්වීමත් සමග ආරම්භ වන රෙයිව කාලය කෙසේ වේවිද අපට කියන්න බෑ. රටේ පාලනය පාර්ලිමේන්තුවට අනුව සිදුවුනත් බ්‍රිතාන්‍යයේ වගේම නාමික වශයෙන් උවත් රටේ ජනතාවගේ විශාල ගෞරවයක් අදිරාජ්‍යයාට තිබෙනවා. දෙවිකෙනෙකුට වගේ තමයි ඔවුන් ගෞරව කරන්නෙ.
ඉතින් ලබන මැයි පළවෙනිදාට බලමු මේ නව පත්වීම කොයි ආකාරයට සිදුවෙයිද කියලා.

සටහන
දර්ශක ප්‍රසන්න ආරියදාස 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here