ජෙෆ්රි ඇලොසියස්ට හා ඔහුගේ පුතු අර්ජුන් ඇලෝසියස්ට කදපොල මහකුදගල් තේ වතු යාය වසර තිහකට වත්මන් රජය මගින් පවරාදි ඇති බව පැවසේ.අක්කර 450ක මෙම වතු යාය ලබාදි ඇත්තේ මසකට රුපියල් අටදස බැගින් වූ මුදලකටය.මෙය ලබාදි ඇත්තේ වැවිලි කර්මාන්ත අමාත්යනශය මගිනි.එ අනුව මෙම වතු යාය ලබන 2045 වසර තෙක් ඔවුනට පාලනය කල හැකිය.මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධව මේ වන විට ජෙෆ්රි ඇලොසියස් බන්ධනාගාර ගතකර සිටි.මොහු පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපතිවරයාය.මේ වතු ගිවිසුම සිදුකර ඇත්තේ 2015දිය.