Home World ප්‍රංශයේ සුදු වෑන් බියක්

ප්‍රංශයේ සුදු වෑන් බියක්

787

සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අසත්‍ය පුවතක් නිසා ප‍්‍රංශයේ ජන ප‍්‍රජාවකට ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ළමුන් පැහැර ගන්නා බවට අසත්‍ය පුවතක් පැතිර යාමත් සමග ප‍්‍රංශයේ රෝමා ජන ප‍්‍රජාව වෙත මෙලෙස ප‍්‍රහාර මාලාවක් එල්ල වී ඇති බව සඳහන්.

කෙසේ වෙතත්, ‘සුදු පැහැති වෑන් රථයක සිටින මිනිසෙකු‘ මාර්ගවල සිටින දරුවන් පැහැර ගන්නා බවට පළ වී ඇති අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් හමු නොවූ බව පොලිසිය පවසනවා.

පොලූ මුගුරුවලින් රෝමා ජන ප‍්‍රජාවට පහර දුන් පුද්ගලයින් 20 දෙනෙකු පමණ පසුගිය සඳුදා රාත‍්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුදු පැහැති වෑන් රථයකින් පැමිණෙන පුද්ගලයෙකු විසින් දරුවන් සහ තවත් පුද්ගලයන් පැහැර ගන්නා බවට පසුගිය සති කිහිපය පුරා සමාජ මාධ්‍ය හරහා පැතිර ගිය පුවත් හේතුවෙන් එය ගණිකා වෘත්තියට හෝ නීති විරෝධී අවයව ජාවාරමකට සම්බන්ධ බවට අදහස් පළ වී තිබෙනවා.

ඇතැම් විට වෑන් රථය රතු පැහැතිය, වෙනත් ප‍්‍රදේශයක එය කහ පැහැතිය එසේ නැතහොත් අදාළ පුද්ගලයා බල්ගේරියානු හෝ රුමේනියානු සම්භවයක් සහිත අයෙකි වැනි ආරංචි වට්ස්ඇප්, ස්නැප්චැට් ඇතුළු සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහෙත්, එවැනි සිද්ධියක් පිළිබඳව කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවද සඳහන්.

‘‘වෑන් රථයකින් ළමුන් පැහැර ගන්නා බවට පළ වූ කටකතා කිසිවක් තහවුරු වී නොමැති අතර කිසිම පැහැර ගැනීමක් ගැන අනාවරණය වී නැතැයි,” ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පැරිස් පොලිසිය සඳහන් කර සිටිනවා.

‘‘මේ අසත්‍ය තොරතුරු ෂෙයා කරන්න එපා, ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්ට අනුබල දෙන්න එපා,” යනුවෙන් පැරිස් පොලිසිය අනතුරු අඟවනු ලැබුවා.

පොලිසිය මෙන් ම නගරයේ බලධාරීන් ද පවසන්නේ, අතුරුදන් වීමක් හෝ පැහැර ගැනීමක් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි.

මේ අතර, ළමුන් පැහැර ගන්නන් බවට සැකකර වෑන් රථ රියැදුරන් කිහිප දෙනෙකුට පහර දෙන දර්ශන ඇතුළත් වීඩියෝ ද මේ වන විට සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

ඇතැම් ප‍්‍රංශ මාධ්‍ය ආයතන අනාවරණය කර ඇත්තේ, අදාළ ඡුායාරූප වසර ගණනකට පෙර ගනු ලැබූ ඒවා බවයි.

මේ අතර, මෙම වෑන් රථ භීතිය ‘‘නාගරික මිථ්‍යාවක්’’ බවට ඇතැම් මාධ්‍ය හඳුන්වා දී තිබෙනවා.

2017/18 වසරවල එක්සත් රාජධානියේ ළමුන් 1189 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධි වාර්තා වී තිබෙනවා.

ඉන් 20%ක් පවුලේ ඥාතීන් විසින් ද, 40%ක් ඥාතීන් නොවන දරුවා හඳුනන අය විසින් ද, 40%ක් නාඳුනන පුද්ගලයින් විසින් ද පැහැර ගනු ලැබ ඇතැයි සඳහන්.

කෙසේ වෙතත්, ඉන් බොහොමයක් අසාර්ථක පැහැර ගැනීමේ උත්සහයන් බවයි වාර්තාවල දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here