නිති විරෝධි මත්ද්‍රව්‍ය වසර දෙකකින් අවසන් කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි. ඔහු මේ බව සඳහන් කළේ කොකෙන් කිලෝ 769ක් විනාශ කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා කැලණියේදි එක්වෙමින් ය.
ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම අංශ ඒකාබද්ධව වැඩසටහන් දියත් කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
මේ වන විට රට තුළ නීති විරෝදී මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිස 150000ක් බවට පත්ව ඇති බවත් ඔවුන් පුනරුත්තාපතනය කිරීමට වැඩ පිළිවෙළක් දියත් කරන බවත් ජනපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.