Home World ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින විකට නළුවා

ජනාධිපතිවරණයේ ඉදිරියෙන්ම සිටින විකට නළුවා

447
0

යුක්රේන ජනාධිපතිවරණයෙන් වැඩි දේශපාලන අත්දැකීමක් නොමැති සහ විකට නළුවකු වන ව්ලොදිමීර් සෙලෙන්සිකි (Volodymyr Zelenskiy) ජයගනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේන ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීම ඊයේ (31) පැවැත්වුණා.

දූෂණයට එරෙහිව සටන් කරන බවට ප්‍රතිඥා දී තිබෙන සෙලෙන්ස්කි ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද විමසීමෙන් ජයග්‍රහණය කරනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබෙනවා.

යුක්රේන ජනතාව ජීවන තත්ත්වය පහත වැටීම, දූෂණය හා වංචාව, ජීවන වියදම වැඩිවීම යන කරුණු හේතුවෙන් කලකිරීමට පත්ව සිටින අතර සාම්ප්‍රදායික දේශපාලනයන් සහ ඔවුන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කෝපයට පත්ව සිටින බවයි සඳහන් වන්නේ.

“නව ජීවයක් ආරම්භ වෙනවා. දූෂණ හා වංචා නොමැති යහපත් ජීවිතයක් ආරම්භ වෙනවා” යැයි කීව්හිදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් 41 හැවිරිදි සෙලෙන්ස්කි කියා සිටියේ.

යුක්රේනයේ නැගෙනහිර කොටසේ සිටින රුසියානු බෙදුම්වාදීන්ට එරෙහිව සටන් වදින යුක්රේන ආර්ථික අර්බුදයකට ද මුහුණ සිටිනවා.

සෙලෙන්ස්කි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ඔහුට මුහුණ දීමට සිදුවන ප්‍රධානතම අභියෝග 02 වනු ඇත්තේ රුසියානු බෙදුම්වාදීන් සහ ආර්ථික අර්බුදයයි.

වත්මන් ජනාධිපති ප්‍රෙටෝ පොරෂෙන්කෝ සහ හිටපු අගමැතිනි යුලියා ටිමෂෙන්කෝ සෙලෙන්ස්කිගේ ප්‍රධානතම ප්‍රතිවාදීන් වනවා.

අවසන් වරට පැවැති මත විමසුම්වලදී සෙලෙන්ස්කි 25%ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබූ අතර ජනාධිපති ප්‍රෙටෝ පොරෂෙන්කෝ සහ හිටපු අගමැතිනි යුලියා ටිමෂෙන්කෝට හිමිව තිබුණේ 15%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයකි.

ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත්ව සිටියා.

ඡන්ද විමසීමෙන් ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ගෙන් කිසිදු අපේක්ෂකයකුට 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට නොහැකි වුවහොත් දෙවැනි වටයක් පැවැත්වෙන අතර එය අප්‍රේල් 21 වනදා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here