Home Local කේරළ ගංජා කිලෝග්රැම් 13ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝග්රැම් 13ක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

412

යාපනය ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්රැම් 13ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.

පොලිසිය පැවසූවේ කේරළ ගංජා කිලෝග්රැම් 12ක් සමඟ යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු හා කේරළ ගංජා කිලෝග්රැමයක් සමඟ තවත් පුද්ගලයෙකු යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

යාපනය වැල්වැටිතුරෙයි හා අරියාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය සඳහන් කර සිටියා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් තිරුනෙල්වේලි පොලිසිය හා යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here