Home Local කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

කුවේටයෙන් පිටුවහල් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට

305

කුවේට් රාජ්‍යය වෙත රැකියා සදහා ගොස් සිටියදී තම හාම්පුතුන්ගෙන් විවිධ හිරිහැර, කරදර වලට මුහුණ පා සිටි ශ්‍රී ලාංකිකයන් 57ක් එරටින් පිටුවහල් කර අද (01) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබෙනවා.

මොවුන් අතරින් 09ක් පිරිමි වූ අතර ඉතිරි 48 දෙනා කාන්තාවන් වූවා.

ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වල පදිංචිකරුවන් වන අතර මෙම පිරිස අද උදෑසන 6.15ට කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL – 230 දරන ගුවන් යානයෙන් පැමිණ තිබුණා.

මෙසේ ප්‍රශ්න වලට භාජනය වූ මෙම පිරිස කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රදවා තබා ගෙන සිටි අය බවයි සඳහන් වන්නේ.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම පිරිස භාර ගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් ඔවුන්ට තම නිවෙස් කරා යෑමට දීමනාවක් ලබා දී පිටත් කර හැරීමට පියවර ගෙන තිබෙනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here