Home Hit අද සිට දක්ෂිණ අධිවේගයේ ගාස්තු අඩුවෙයි

අද සිට දක්ෂිණ අධිවේගයේ ගාස්තු අඩුවෙයි

469
0

මහරගම බස්නැවතුම්පොළෙන් ආරම්භ කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගාල්ල සහ මාතර බස් සේවා අද (01) සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ආරම්භ කෙරෙන නිසා ගාල්ල හා මාතර අතර සුඛෝපභෝගී බස් ගාස්තු රුපියල් 20කින් අඩුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මෙතෙක් මහරගම සිට ගාල්ල දක්වා පැවති රුපියල් 440ක ගාස්තුව රුපියල් 420 දක්වා අඩුවෙනු ඇති.

මහරගම සිට මාතර දක්වා පැවති රුපියල් 550 ගාස්තුව රුපියල් 530ක් දක්වා අඩුවන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරන්නේ.

මහින්ද නිශ්ශංක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here