Home Local විදුලිය සහ ජලය හිඟකම නිසා කැලණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට සැරසෙයි.

විදුලිය සහ ජලය හිඟකම නිසා කැලණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට සැරසෙයි.

643

පවතින වියලි කාළගුණික තත්වය නිසා කැළණිය විශ්ව විද්‍යාලයේ සහ සිසු නේවාසිකාගාර වල ජලය හිඟතාවයක් පවතින බව අනාවරණය වී තිබේ. සිසුන්ගේ පානීය ජල අවශ්‍යතා සපුරාගනු ලැබූවද සනීපාරක්ෂක කටයුතු සදහා ප්‍රමාණවත් ජලය නොමැති බව Newshub.lk වෙත වාර්තා වුණා.

මේ අතර විටින් විට විදුලිය විසන්ධි කිරීම නිසා සිසුන්ගේ අධ්‍යන කටයුතු වලට දැඩි බාධා එල්ල වෙමින් පවතී.

මෙම කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු දින 14ක පමණ කාලයක් නවතා දැමීමට පාලනාධිකාරිය මේ වනවිට සාකච්ජා කරමින් සිටින බව වාර්තා වී ඇත.

විශ්ව විද්‍යාලයේ ක්‍රියාත්මක වන විදුලි ජනන යන්ත්‍ර වල ධාරිතාවය ප්‍රමාණවත් නොවීම නිසා දහවල් කාලයේ විදුලිය විසන්ධි කල පසු සිසුන් සහ ආචාර්‍යවරුන් දැඩි අසීරුතාවයට පත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here