Home Hit සා/පෙළ ප්‍රථමයා කොළඹ විශාඛා විද්‍යාලයෙන් – ඉහළම සමත් ප්‍රතිශතය මාතරින්

සා/පෙළ ප්‍රථමයා කොළඹ විශාඛා විද්‍යාලයෙන් – ඉහළම සමත් ප්‍රතිශතය මාතරින්

467

2018 අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

www.doenets.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකියි.

2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ පළමු ස්ථානය කොළඹ විසාකා බාලිකා විද්‍යාලයේ නිලන්කා දිසිවරී වරුෂවිතාන සිසුවිය හිමිකර ගෙන තිබෙනවා.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුවියන් තිදෙනෙක් දෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත්ව සිටිනවා.

කොළඹ විසාකා බාලික විද්‍යාලයේ ගරසිංහ ආරච්චිගේ සවිති හංසදී, ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයේ ප්‍රතාප මුදියන්සේලාගේ සංජානි දිලේකා කුමාරි සහ මාතර සුජාතා විද්‍යාලයේ කළුආරච්චි කංකන්නාම්ගේ මින්දි රෙබෙකා එම සිසුවියන් තිදෙනායි.

කෑගල්ල ශාන්ත ජෝසෆ් බාලිකා විද්‍යාලයේ ගයාත්‍රි හර්ෂිලා ලිහිණි කඩුආරච්චි සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ 05 වන ස්ථානය හිමි කර ගෙන සිටිනවා.

මෙවර විභාග ප්‍රතිඵල අනුව සිසුසිසුවියන් 05 දෙනෙක් දිවයිනේ 06 වන ස්ථානය හිමිකර ගෙන ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙවර සමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 09ටම ඒ සාමාර්ථ ලබා ගත් සිසුන් සංඛ්‍යාව 9413කි.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව හය ලක්ෂ 56,641 ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here