Home World හියුගෝ ගර්න්ස්බැක් ගේ ‘හුදෙකලාකාරකය’

හියුගෝ ගර්න්ස්බැක් ගේ ‘හුදෙකලාකාරකය’

585

භෞතික විද්‍යාවේදියෙකු, ගත් කතුවරෙයෙකු මෙන්ම නව්‍ය නිර්මාපකයෙකුද වූ හියුගෝ ගර්න්ස්බැක් විසින් නිපදවන ලද මෙම අපූර්ව එමෙන්ම තරමක විශ්මයාවහ නිර්මාණය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, කතෲ වරුන්, තිර රචකයින් සහ නීතීවේදීන් ඇතුළු අති උග්‍ර මානසික ඒකාග්‍රතාවයක් අවශ්‍ය සියල්ලන් ඉලක්ක කර නිපදවූවකි.

ස්වකීය අභිමතය පරිදි ලෝහමය හෝ දැවමය නිමාවකින් ලබාගත හැකිව තිබූ හෙල්මටයක් බදු ආවරණය ඇතුළත කුෂන් යොදා සකස් කෙරුණ අතර ගෙල පාමුළ ප්‍රදේශයෙන් උරහිසට හා පශ්චාත් උරසට මුද්‍රාවන පරිද්දෙන් නිමවා ඇත. කුඩා වීදුරු කුහර දෙකක් මගින් පමණක් පෙනීම ලැබුනු අතර හිස ඒ මේ අත හැරවීම අතිශයින් සීමා කර තිබීම නිසා තමාගේ ඇස් ඉදිරිපිට ඇති කුඩා ප්‍රදේශයක් ඇරෙන්නට කිසිවක් දෘෂ්‍යමාන නොවීමට සියළු කාරණා සකසා තිබිණි. මේ මගින් බාහිර පරිසරයේ සියළුම ශබ්ද අවහිර කොට අතිශය හුදෙකලා කුඩා කෘතීම පරිසරයක් හිස වටා නිර්මාණය කර තිබුණු අතර ආඝ්‍රාණය සදහා ඔක්සිජන් පිටතින් සපයාගත යුතුව තිබිණි.

මෙම උපකරණයේ සැකසිම එහි අරමුණ සාක්ෂාත් කිරීමෙහිලා මහත් උපකාරී වූ නමුදු ඒ නිසාම ඇති වූ ශාරීරික අපහසුතාවය හේතුවෙන් මෙය භාවිතය ක්‍රමයෙන් අභාවයට ලක් වූ අතර දශක ගණනාවක් ඇවෑමෙන් පසුව මෙය නැවත අතිශය නූතනීකරණයට ලක් කිරීමෙන් පසු ‘හෙල්(ම්)ෆෝන් යන නාමයෙන් 2017 වර්ෂයේදී නැවත හදුන්වා දෙනලදි. 

එය ප්‍රායෝගික තලයේ භාවිතය තවමත් එතරම්ම ප්‍රචලිත නොවීමෙන් පෙනී යන්නේ එය දෙවන වරටද අසාර්ථක වී ඇති බවකි. එසේනමුදු සමාජීය හුදෙකලාභාවය අපේක්ෂා කරන වර්තමානයක, අනාගතයේ මෙම උපකරනයේ භාවිතාව පළිිබදව අනාවැකි පළකිරීම අදූරදර්ශි ය.


ඓතිහාසික ජායාරූප පිටුව ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here