අලුත් අවුරුදු දිනවලදී රටපුරා කිසිදු ස්ථානයක විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා කීය.
ගැටළුව විසදෙනු ඇති බවත් ඒ අනුව විදුලිය අර්බුදය තවත දින 10 ක් පමණ කාලයක් පමණක් තිබෙනු ඇති බව රවී කරුණායක මහතා පැවසීය.
රාත්‍රී කාලයේ විදුලිය භාවිතා කිරීම සීමා කරන්නනැයි කළ ඉල්ලීමට ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරයක් හිමිව තිබෙන බවද රාත්‍රී කාලයේ දී පැවැති විදුලිය ඒකක 3600 ත් 3700 ත් අතරවූ ඉල්ලුම මේ වන විට ඒකක 3200 පමණ දක්වා අඩුවී ඇතැයි ද ඔහු කීය.
ඉදිරියේ දී එල්.එන්.ජී. විදුලි බලාගාර 7 ක්, තාප බලාගාර සහ ගල් අගුරු බලාගාර දෙකකුත් සුර්ය සහ සුළං බලාගාරත් ක්‍රියාත්මක කර ජාතික විදුලිය පද්ධතියට මෙගාවොට් 500 ක් අලුතින් එකතු කරන බවද ඔහු කීය.