පාඨලී චම්පික රණවක සහ වජිර අබේවර්ධන යන ඇමතිවරුන්ගේ අමාත්‍යංශ වල වැයශීර්ෂ කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සභාවේ නොසිටීමෙන් සිදුවූ වරදක් නිසා බව පිළිගත්තේ යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී අද (29) ප්‍රකාශ කර සිටියා.
එසේ පරාජයට පත් වූ අමාත්‍යංශ වල වැයශීර්ෂ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව සංශෝධන සහිතව නැවත සම්මත කරගැනීමට කටයුතු කරන බැවින් එය ප්‍රශ්නයක් කරගත යුතු නැතැයි ද අගමැතිවරයා කියා සිටියා.