Home Local ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන 05 අතරට එක් වූ ”නුවර ඇසල පෙරහැර” – VIDEO

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන 05 අතරට එක් වූ ”නුවර ඇසල පෙරහැර” – VIDEO

1021

ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන 05 අතරට ශ්‍රී දළදා මාළිගාවේ ”ඇසල පෙරහැර” ද නම් කර තිබෙනවා.

ඒ “ද ට්‍රැවලර් වෙබ් අඩවිය” විසින්.

එම වෙබ් අඩවියට අනුව ඔවුන් පවසන්නේ ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැරේ තිබෙන සුවිශේෂී සංස්කෘතික නර්තනයන් සහ විශේෂාංග ලොව අන් කවර තැනකදීවත් දැක බලා ගැනීමට නොහැකි බවයි.

අගෝස්තු මාසයේදී සංචාරය කිරීමට බලාපොරොත්තුවන සංචාරකයෙක් නම් ඔවුන් ශ්‍රී ලංකාවේ මහනුවර නගරයට පැමිණ ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර නැරඹීම වඩාත් යෝග්‍ය බවයි එම වෙබ් අඩවිය වාර්තා කරන්නේ.

සුදු පැහැ වස්ත්‍රයෙන් සැරසුණු බැතිමතුන්ගෙන් පිරුණු මහනුවර නගරය ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර වෙනුවෙන් පිරි යන බවත් පෙරහැර විචිත්‍රවත් කිරීමට අලි ඇතුන් සහ උඩරට නර්තනයන් ගෙන් සපිරුණු අයුරු දැකීම මනස්කාන්ත දර්ශනයක් බවත් එම වෙඩි අඩවිය මගින් සංචාරකයින් දැනුවත් කර තිබෙනවා.

ගිනි බෝල කරකවන දර්ශනය සහ කසකරුවන්ගේ දර්ශනය පෙරහැරට ගෙන දෙන්නේ අමතර අලංකාරයක් බවත් එම දර්ශනය ඇතුලත් ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර ලොව ශ්‍රේෂ්ඨතම දර්ශන 05 අතරින් එකක් බව අවිවාදයෙන් යුතුව පිළිගැනීමට සිදුවන බවත් එම වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here