Home World බෙදුම්වාදයට ෆේස්බුක් තහනමක්

බෙදුම්වාදයට ෆේස්බුක් තහනමක්

435
0

‘සුදු ජාතිවාදය’ සහ ‘බෙඳුම්වාදය’ සඳහා අනුබල දෙන ප්‍රශංසා, සහයෝගය ලබාදීම් සිදුකිරීම සම්පූර්ණයෙන්ම වළක්වන බව ෆේස්බුක් සමාගම නිවේදනය කර සිටිනවා.

ලබන සතියේ සිට මෙය ක්‍රියාත්මක කරන බවයි එම සමාගම පසුගිය අගහරුවාදා සදහන් කර ඇත්තේ.

මේ අනූව ත්‍රස්තවාදය හා අන්තවාදය දිරි ගන්වන කිසිඳු ආකාරයක ප්‍රකාශයක් ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීමට අවස්ථාව ලබානොදීමට කටයුතු කරනු ඇති.

ෆේස්බුක් සමාගම තවදුරටත් කියා සිටින්නේ, ත්‍රස්තවාදී කණ්ඩායම් සිදුකරන ප්‍රචාරණයන් සහ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඒවා මුළුමනින්ම වැළැක්වීමට ක්‍රියා කරන බවයි.

එම සමාගම මෙම තීරණය ගෙන ඇත්තේ, පසුගියදා සිදුවූ නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයේ දී එම ප්‍රහාරකයා සජීවී ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ එය විකාශය කිරීමට කටයුතු කිරීමේ සිද්ධිය මුල්කර ගනිමිනුයි.

නවසීලන්ත සිද්ධියෙන් 50දෙනෙකුට දිවි අහිමි වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here