Home Local ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලීන් ගුණතිලක දිවියෙන් සමුගනියි

ප්‍රවීණ ගායන ශිල්පිණි ඇන්ජලීන් ගුණතිලක දිවියෙන් සමුගනියි

728
0

ප්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලීන් ගුණතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දිගු කලක් රෝගාතුර වී සිටි ඇය මියයන විට 79 වැනි වියේ පසු වූවා.

ඇන්ජලීන් ගුණතිලක මහත්මිය හඳුන්වනු ලබන්නේ සිනමා අඹරේ රිදී සීනුව ලෙසයි.

පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට ටික වේලාවකට පෙර ඇය අභාවප්‍රාප්ත වූ බවයි.

හෙළ සංගීත ක්ෂේත්‍රයේ නොමැකෙන නාමයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායන ක්ෂේත්‍රයට අවතීර්ණ වූයේ ”ආදර අඹරේ” ගීතය ගායනා කරමිනුයි.

හෙළ සිනමා පසුබිම් ගීතයේ රන් ස්වරයක් වූ ඇන්ජලීන් ගුණතිලක මහත්මිය ගායනා කර ඇති ගීත සංඛ්‍යාව 5000ට ආසන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here